එයා නෙවෙයි මෙයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-06-ent-79ස්පයිඩර් මෑන්ලා, හල්ක්ලා, අයන් මෑන්ලා විතරක් නෙවෙයි අද තරුණ පරපුර තානොස්ලා ගැනත් හොඳට දන්නවා.

ඒත් අපේ සිනමාවේ වීරයෝ වීරවරියෝ වර්තමානයේ දකින්නට නැති නිසාද මන්දා අපේ තරුණ පරපුර අපේ නළු නිළියෝ අඳුරගන්නේ නැහැ.

මෑතකදී පැවැති උත්සවයකට අපේ සිනමාවේ ජනප්‍රිය චරිත කීපයකුත් සහභාගී වුණේ විශේෂ ආරාධිතයන් හැටියට. ඒත් උත්සව සභාව ආරම්භ වීමත් සමඟම ඒ ජනප්‍රිය තරුවලටත් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට වාරයක් උදාවුණා.

අදාළ නළුවාගේ හෝ නිළියගේ නම කියූ සැණින් ඒ අය වෙත මෛක්‍රෆෝනය භාරදෙන්න තරුණයන් දෙදෙනෙක් යොදවා තිබුණා.

ඒත් ඛේදවාචකය කියන්නේ නම කියූ සැණින් ඒ දෙන්නා අන්ද මන්ද වෙනවා. නළුවා හෝ නිළිය අඳුරන්නේ නැති නිසා.

ඉතින් නිවේදකයා හෙමින් සීරුවේ ‘එයා නෙවෙයි මෙයා’ කියලා ජාමේ බේරලා දෙනවා.

 

DESHAYA