කඩු ප්‍රහාරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-14-ent-89අපේ තරුණ පරම්පරාවෙ සමහර අය හිතන් ඉන්නවනෙ ඉංග්‍රීසියෙන් කතා කරන එකයි සිංහල නොදන්නවා වගේ ඉන්න එකයි තමයි සමාජෙ කැපීපෙනෙන්න පුළුවන් හොඳම ක්‍රමය කියලා. ඔහොම හිතන කට්ටිය හැමතැනම, හැම ක්ෂේත්‍රයෙම ඉන්නවා. කලා ක්ෂේත්‍රයෙත් අඩු වැඩි වශයෙන් මේ වගේ අය ඉන්නවා.

ඔන්න මෑතකදී රූපගත කළ චිත්‍රපටයක නළු නිළියන් විශාල සංඛ්‍යාවක් වැඩ කළා. වැඩි වශයෙන් හිටියෙ තරුණ නළු නිළියො.

ඔන්න එක්තරා දවසක ලන්ච් බ්‍රේක් එකේදී තරුණ නවක නිළියො දෙන්නෙක් ඉංග්‍රීසියෙන් බර කතාවක්ලු. වටපිට බලනවලු මේගොල්ලො දිහා කවුරුහරි බලන් ඉන්නවද කියලා.

ඒ චිත්‍රපටයේ අහිංසක ගැමි චරිතයක් රඟපාන ප්‍රවීණ නළුවෙක් ඒ අසලම පුටුවක වාඩිවෙලා ඉන්නවලු. මේ කෙල්ලො දෙන්නගෙ ඉංග්‍රීසි කතාවට ගොඩක් දේවල් මාතෘකා වුණාලු. අන්තිමේදී ඒ අහිංසක වයස්ගත නළුවා බයිට් වුණාලු. ඉංග්‍රීසියෙන් ඒ ප්‍රවීණ නළුවගේ ගැමිකම මේ දෙන්නගෙ සමච්චලයට ලක් වුණාලු.

විනාඩි පහක් විතර කතාවට අහුම්කන් දීගෙන හිටිය අර ප්‍රවීණ නළුවා මේ කෙල්ලො දෙන්නා ළඟට ගිහින් ඉංග්‍රීසියෙන් බැණ්නලු දෙන්නගෙ කන්වල ඇඟිලි ගහගන්න.

 

DESHAYA