ගවුම නිසා පොල්ලක් තියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-21-ent-143අපේ සමහර නළු නිළියෝ මාධ්‍යත් එක්ක කරන ගනුදෙනුවලදි නම් හරිම දුර්වල බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අලුත් පරපුරට විශේෂයෙන්ම අපේ පෙර පරපුරෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්න දේවල් තියෙනවා. ඒත් තරුණ පරපුර ඉන්නේ සියල්ල දත් අය වගේ නිසා කවදාවත් ඒ අය හැදෙන්නෙත් නැහැ.

එක්තරා තරුණ චිත්‍රපට නිළියකට ඇගේ අලුත්ම චිත්‍රපටයක් තිරගත වන කාලෙදී එක්තරා රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනකට ආරාධනා කරලා තියෙනවා. ඒත් වැඩසටහනට පැයක් විතර තියෙද්දී මෙයාගේ ෆෝන් එක ඕෆ් කරලා අල්ලා ගන්නම බැහැ. මෙයා අදාළ නාලිකාවට කතා කරලා එන්න බැරි කතාවක් කියලත් නැහැ. ඔන්න මේ සිද්ධියෙන් සති දෙකකට පස්සේ එක්තරා උත්සවයකදී අර නාලිකාවේ කට්ටියට මේ නිළියව හම්බවෙලා.

“ඔයා නම් අපිට මාර පොල්ලක් තිබ්බා නේද?”

“අනේ පොල්ලක් නෙවෙයි. ඒ ප්‍රෝග්‍රෑම් එකටම කියලා මහන්න දීපු ගවුම ලොකුවට මහලා. ඒක අන්දම හරියට මම තාර පීප්පයක් වගේ. ඒකයි අනේ මම නාවේ. හැබැයි පොල්ලක් නෙවෙයි.” ඇය කිව්වලු.

“පොල්ලක් නෙවෙයි? අඩුම ගාණේ එන්නේ නැහැයි කියලවත් නොකියා ෆෝන් එකත් ඕෆ් කරගෙන හිටියා. හරිම කැතයි වැඩේ.”

 

DESHAYA