ජැකා දුටු දක්ෂතම නළු නිළියෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-18-ent-91ජැක්සන් ඇන්තනී කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඒත් පහුගිය දවසක ජැක්සන්ට වඩා දක්ෂ නළු නිළියන් ගැන ඔහු කතා කළේ ඒ දක්ෂතා ගැන ඔහුද පුදුම වූවායැයි සභාවක් ඉදිරියේ පවසමින්.

කතාව කෙටියෙන් කියනවානම්, ජැක්සන්ගේ උපන් දිනය යෙදිලා තිබුණේ පසුගිය ඉරිදා. හරියටම එදාට ටවර් රඟහලේ තිබුණා ජැක්සන් රංගනයෙන් දායක වන ‘මධුර ජවනිකා’ නාට්‍ය දර්ශනයක්. ඔන්න ඔය නිමිත්ත උපයෝගී කරගෙන ජැක්සන්ගේ ගෝල පිරිසක් එදාට ටවර් රඟහලේ ‘සර්ප්‍රයිස්’ උපන්දින පාටියක් සංවිධානය කළා. ඒ සියල්ල සිදු වුණේ ඉතාම සූක්ෂම ලෙස, රහසිගතව. ලංකාවේ සුපිරි කලා ශිල්පීන් රැසක් ද එදා ටවර් එකට ඇවිත් හිටියා ජැක්සන්ව පුදුම කරවන්නට.

ශාලාවට ඇතුළු වුණු ජැක්සන් සැබැවින්ම පුදුමයට පත්වුණා. ඔහු වැඩියෙන්ම පුදුම වුණේ ඔහුගේ බිරිඳ හා දරැවන්ගේ රංගන හැකියාව ගැන.

‘මේ තරම් කාලයක් මම හිතං හිටියේ අපේ ගෙදර හොඳම නළුවා මම කියලා. ඒත් මගේ බිරිඳයි දරැවෝ ටිකයි අද මේ කරපු රහසිගත වැඩෙන්, මට වඩා හොඳට රඟපාලා තියෙනවා.’ කියා ඔහු කිව්වේ ඒ ලැබූ අසීමිත සතුට නිසා ඔහුට තවත් කාලයක් ජීවත් වෙන්නට උත්තේජනයක් ලැබූ බව සභාවට පවසමින්.

 

DESHAYA