දත් ගැලවීම සහ දත් ගැලවීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-31-ent-112ඔන්න එක්තරා දන්ත වෛද්‍යවරයකුගේ සායනයකට මනුස්සයෙක් ගියාලු මුල්ම වතාවට දතක් ගලවන්න. පළවෙනි අත්දැකීම නිසා මිනිහා එතන කෑගහලා දෙක කළාලු. කොහොමහරි දොස්තර දතත් ගලවලා.

ඔන්න දැන් ගාස්තුව ගෙවන්න යද්දි මිනිහට තරු පෙනිලා තියෙනවා.

“අනේ දොස්තර මහත්තයෝ මොකද මේ? අර බෝඩ් එකේ ගහලා තියෙන්නේ එක දතක් ගලවන්න රු. 500/- කියලා. ඒත් ඇයි මගෙන් රුපියල් 2000/-ක් අය කරන්නේ?” ඔහු ඇහුවලු.

“මමත් මෙතන කරන්නේ සේවයක් වුණාට මේක මගේ බිස්නස් එක. දැන් බලන්න ඔබතුමා මෙතන කෑගහලා මරලතෝනි දීපු නිසා දත් ගලවන්න ආපු තුන්දෙනෙක් බය වෙලා ආපහු හැරිලා ගියා. ඉතින් මම ඒ පාඩුව පියවගන්න එකේ වරදක් තියෙනවද?

 

DESHAYA