නෝනා ලංකාවෙද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-14-ent-88අපේ කලා ශිල්පීන් එක එක කාලෙට විවිධ ප්‍රසංගවලට පිටරට යනවනෙ.

ඔන්න ඒ වගේ ප්‍රසංගයකට එක්තරා රටකට අපේ ජනප්‍රිය නිළියකට ආරාධනාවක් ලැබිලා. ඒ රටට ඇය යන පළවෙනි වතාවලු ඒ.

යන්න කලින් දන්න හඳුනන අයට කෝල් කර කර ඒ රටේ විස්තර අහනවලු. ගොඩාක් අය කියලා තියෙන්නෙ රටනම් අවුලක් නැහැ නමුත් ඒ රටේ ඉන්න සමහර ලංකාවෙ අයගෙන් තමයි බේරෙන්න ඕනෙ කියලා. පුළුවන් තරම් ඒ වගේ අයගෙන් බේරිලා ඉන්න එක තමයි වැඩේ.

ඔන්න දැන් කෙල්ල ඒ රටට ගියාලු. ගුවන් තොටුපොළින් ටැක්සියක් අරගෙන අර කියපු ලිපිනයට යන්න පිටත් වුණාලු.

ටැක්සියෙ යන ගමන්ම ලංකාවෙ ඉන්න අම්මට කෝල් එකක් දීලා ඒ රටට සේන්දු වුණා කියලා කිව්වලු. එකපාරටම ටැක්සි රියැදුරා එයාගෙන් සිංහලෙන් ඇහුවලු ‘නෝනා ලංකාවෙද?’ කියලා. කෙල්ල හොඳටම බයවුණු පාර කිව්වලු ‘අනේ නෑ නෑ’ කියලා.

 

DESHAYA