පහදා කියූවත් නැහැ සවන් යොමු කළේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-07-ent-159සින්දු කියන්නෙ අපේ ජීවිතවලට කොච්චර සමීප දෙයක්ද? අපි හැමෝගෙම ජීවිතවලට සම්බන්ධකම් තියෙන සින්දු කොච්චර තියෙනවාද?

ඒත් කාලයාගේ ඇවෑමෙන් මීට දශක කීපයකට කලින් ලියවුණු සමහර ගීත වර්තමානයට අදාළ වෙන්නෙ නැති ගතියක් තියෙනවා. අර පරණ පික්චර් සින්දුවක් තියෙනවා මතකද “කොළ කඩ කඩ බොරුවට දෙනවා.” කියලා.

ඒකේ තියෙනවා පේලියක් “පොල් කඩලා ගාලා දෙන්නම්, රෙදි සෝදා වේලා දෙන්නම්” කියලා.

හැබැයි අද කාලෙට මේ කියමන ගැලපෙන්නෙ නැති ගතියක් තියෙනවා. අද පොල් කඩලා ගාලා දෙන්න ඕන තරම් තැන් තියෙනවා. රුපියල් 10යි අය කරන්නෙ.

රෙදි හෝදලා වේලලා දෙන්නත් දැන් ඕන තරම් තැන් තියෙනවා. කිලෝ 5කට අය කරන්නේ රුපියල් 300යි.

ඔය කතාව අපේ මිත්‍රයෙකුට කිව්වම එයා මේකට වෙනත් අර්ථකථනයක් දුන්නා.

“අද අපි පුරුදු වෙලා ඉන්නෙ ඕනම දේකට “පහක් දාන්න”නේ. ඒත් අනාගතය ගැන හිතලා ලියවුණු සින්දුවක් එදා තිබුණා.

“ඒ මොකද්ද සින්දුව?”

“ඇයි “පහදා කියූවත් නැහැ සවන් යොමු කළේ?”

 

DESHAYA