මඟුලක් කතා කරනවද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-31-ent-113මේක ටික කාලකෙට කළින් අහපු ලස්සන කතාවක්. වත්මන් පරපුර සමහරවිට ඒක අහලා නැතුව ඇති කියලා හිතුණ නිසා, ඔන්න ඒ කතාව ලියනවා. ඔන්න එකමත් එක කාලෙක හිටියලු එක්තරා අනතුරකින් අතක් වැලමිට ළඟින් අහිමි වෙච්ච මනුස්සයෙක්. මේ ගැන ඔහු නිතරම හිටියේ දැඩි කනස්සල්ලෙන්. කොහොමහරි දිවි නසා ගන්න සයිස් එකටම මිනිහා මානසිකව ඇද වැටුණා.

තනි අතින් ගෙල වැලලා ගන්නත් බැරි එකේ ඔහු හිතුවළු උස ගොඩනැගිල්ලක් උඩට නැගලා ඒකෙන් බිමට පනින්න.

ඔන්න එහෙම හිතාගෙන ඔහු තට්ටු බර ගාණක බිල්ඩිමක් උඩට නැගලා පනින්න හදනකොටම දැක්කලු අත් දෙකම නැති මනුස්සයෙක් පාරේ සතුටින් නට නටා යනවා.

වහාම බිල්ඩිමෙන් බැහැලා මේ මිනිහා අර නට නටා යන මිනිහා ළඟට දුවගෙන ගියාලු.

“අයිසේ තමුසේ නිසා මගේ ජීවිතේ බේරුණේ. එක අතක් නැති මම ජීවිතේ නැති කරගන්න හදද්දි තමයි අත් දෙකම නැති ඔයා මේ වගේ සතුටින් නට නටා යනවා දැක්කේ. ඔයා කොහොමද අත් දෙකම නැතුවක් මේ වගේ සතුටින් ඉන්නේ?”

“මගුලක් කතා කරනවද මහත්තයෝ. මට මගේ පිට කහගන්න බැරුව මේ දඟලන්නේ.” කියලා අර මනුස්සයා කිව්වලු.

 

DESHAYA