වයිෆ්ගෙ මහත්තයා ඉංජිනේරුවෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-19-ent-53අපේ කලා ශිල්පිනියක් ඉන්නවලු, එයාගෙ මහත්තයා ඉංජිනේරුවෙක්. විදෙස් සුදුසුකමුත් තියෙනවලු. එයාගෙ ගේ ඉස්සරහම එයාගෙ නමයි සුදුසුකම් ටිකයි ගහපු ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා.

මෙන්න මේ ශිල්පිනිය කොහේහරි ගිහින් කැබ් එකකින් ගෙදර එනකොට පානදුර පැත්තෙ එයාගෙ පාරට හරවනකොටම රියැදුරුට කියනවලු, “අර දකුණු පැත්තෙ දෙවැනි ගෙදර, ඉංජිනියර් බෝඩ් එකක් ගහලා තියෙන ගෙදර” කියලා.

ඔන්න එක දවසක් කොළඹ උත්සවයකට ගිහින් එද්දී ගෙදර ළංවෙනකොටම කැබ් එකේ රියැදුරුට අර වගේ ‘ඉංජිනියර් බෝඩ්’එක ගැන කිව්වලු. අර රියැදුරාත්, එකපාරටම ඇහුවලු මහත්තයද ඉංජිනියර්? එයාගෙ නම මොකක්ද කියලා.

ඇය නම කිව්වලු.

‘හා එහෙමද? මගේ වයිෆ්ගෙ මහත්තයත් ඉංජිනේරුවෙක් තමයි. එයා පාට් ටයිම්. රෑට ටික වෙලාවක් කැබ් එකේ වැඩ කරනවා,” කියලා ඔහු කිව්වම ඇගේ මුහුණ පුංචි වුණාලු.

 

DESHAYA