සත්තු හොඳයි බං මිනිස්සුන්ට වඩා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-21-ent-142එක්තරා අධ්‍යක්ෂකවරයකු ඔහුගේ තිරගත වීමට නියමිත චිත්‍රපටයක් ගැන මාධ්‍යවේදියකු සමඟ සාකච්ඡාවක් පැවැත්වූවාලු.

කතාව අතරතුර අද නළු නිළියන්ගේ කැපවීම් සහ දක්ෂතා ගැනත් විවේචන ඉදිරිපත් කරන්න පටන් ගත්තලු. මේ චිත්‍රපටයේ අලි වගේම අශ්වයොත් යොදාගෙන තිබුණා.

“මට හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. මේකේ රඟපාපු සමහරු නළු නිළියන්ට වඩා සත්තු ටික නම් හොඳට රඟපෑවා.” කියලා. ඔහු කියලා තියෙන්නේ විහිළුවට. ඒත් මේ කොටස එක්තරා පත්තරේක ලොකුවට ගිය නිසා ඔහුට මල පැනලා.

මාධ්‍යවේදියා මේක පටිගත කරපු ටිකත් මකලා ඉවර නිසා දැන් ඔප්පු කරන්න විදිහකුත් නැහැ. මේ කතාව ගැන දන්න අයත් දැන් කියනවලු “සත්තු හොඳයි බං මිනිස්සුන්ට වඩා” කියලා.

 

DESHAYA