සිවුරු ඇඳන් බොරු කියන්න එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-21-ent-144මෑතකදී විකාශය වුණු එක්තරා ටෙලි නාට්‍යක බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ චරිතයක් රඟපාන්න ප්‍රවීණ රංගන ශිල්පියකු තෝරා ගත්තා. කොටස් කීපයකම ඔහුගේ චරිතය දිව යන නිසා, ඔහු අධ්‍යක්ෂවරයාත් එක්ක දීර්ඝ ලෙස මේ ගැන සාකච්ඡා කළාලු. වැඩේ පටන් ගන්න කළින් මාසයක කාලයක ඉඳන් ඔහු පේවෙලා මේ වෙනුවෙන් දැඩි කැපවීමක් කළාලු.

දවස් 40කට වැඩි කාලයක් රූපගත කිරීම් තිබුණේ අනුරාධපුර පැත්තේ. මේ කාලය තුළ ඔහු කොටින්ම කියනවානම් ජංගම දුරකථනයවත් පාවිච්චි කළේ නැහැ. උදේට මේකප් දාගෙන සිවුර ඇන්දට පස්සේ වැඩ ඉවර වෙන්නේ රෑ වෙලා.

ඔන්න දවසක් මේ නළුවා සිවුර පිටින්ම අධ්‍යක්ෂවරයා ළඟට ආවේ ඔහුගේ ජංගම දුරකථනයත් අතැතිව.

“සති දෙකකින් විතර නෝනට කතා කළේ නෑ. කෝල් එකක් අරන් මම එයාට ආදරෙයි කියලා කියන්න ඕනේ. සිවුරු ඇඳගෙන එහෙම කිව්වට කමක් නැද්ද?” ඔහු අධ්‍යක්ෂකගෙන් ඇහුවලු.

අධ්‍යක්ෂවරයත් ඔහුට අපූරු පිළිතුරක් දීලා තියෙනවා.

“එහෙම කියන එකනම් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඉතින් සිවුරු ඇඳගෙන බොරු කියන එකනම් හොඳ නැහැ.”

 

DESHAYA