ෆ්ලැට් නෙවෙයි ඇපාට්මන්ට් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-24-ent-99පහුගිය කාලෙ උණක් පැතිරිලා තිබුණනෙ කැස්සක් එක්ක. ඇඟපත රැදාවත් එක්ක ආපු ඒ උණ කොච්චර බෙහෙත් ගත්තත් හොඳටම හොඳවෙන්න අඩුම ගාණෙ දවස් හත අටක් යනවා. ඔන්න ඔය ලෙඩේ හැදිච්ච ප්‍රවීණ නළුවෙකුට දවස් දෙක තුනක් ෂූටිං එන්නත් බැරිවෙලා. අධ්‍යක්ෂකවරයා බොහොම අමාරැවෙන් වැඩේ ඇදගෙන ගිහින් තියෙනවා.

හතරවැනි දවසෙ අධ්‍යක්ෂකයි නිෂ්පාදකයි දෙන්නා නළුවගෙ ගෙදර ගිහින් තියෙනවා. ඔන්න දෙකට තුනට නැමීගෙන අමාරැවෙන් ඔහු ඉස්තෝප්පුවට ඇවිත් වාඩිවුණාලු.

“අප්පට සිරි... ෆ්ලැට්වෙලා වගේ නේද?”, කියලා අධ්‍යක්ෂක ඇහුවලු.

“ෆ්ලැට්? ෆ්ලැට් නෙවෙයි ඇපාට්මන්ට් වෙලා තියෙන්නෙ...” කියලා ඔහු අමාරැවෙන් කිව්වලු.

ෆ්ලැට් ගැන කියද්දී තවත් පරණ කතාවක් මතක් වුණාලු.

කොළඹ ප්‍රදේශයේ එක්තරා පැරුණි දේශපාලනඥයෙක් එයාගෙ ඡන්ද ව්‍යාපාර කරන කාලෙ පැල්පත්වාසීන් සහභාගිවුණු රුස්වීමකදී “මම මේ පාර ඡන්දෙ දිනුවොත් මේ මුඩුක්කු ගෙවල් සේරම ෆ්ලැට් කරනවා”, කියලා කිව්වලු.

කට්ටිය හොල්මන් වෙලා හිටියලු. කිසිම අත්පුඩියක් නෑ. පස්සෙ තමයි වැඩේ තේරිලා තියෙන්නෙ. අර පැල්පත්වාසීන් හිතලා තියෙන්නෙ ඒගොල්ලන්ගෙ ගෙවල් සමතලා (ෆ්ලැට්) කරනවා කියලා.

 

DESHAYA