එන්න යන්න අපිත් එක්ක ටොරොන්ටෝවේ ගිම්හාන සංචාරකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 කැනඩාවේ  ඝෘතු හතර ගෙවී යන්නෙ වසන්තය, ගිම්හානය, සරත්, ශීත සමය ලෙසයි. මේ විදිහට ඝෘතු අනුව පරිසරය වෙනස් වූනත්, ගිම්හාන කාලය හැරෙන්නට අනෙකුත් සෑම ඝෘතුවකදීම කැනඩාව කියන්නෙ අවුරුද්දේ වැඩිම කාලයක් ශිතාධික කාලගුණයක් පවතින රටක්. ගිම්හානයේදී පවා වැසි වැටුණොත් පවතින්නෙ සිසිල් කාලගුණික තත්වයක්. හැබැයි ගිම්හානයේ සමහර දිනවලදී ලංකාවේ අපටත් වඩා රස්නෙට හිරු එළිය පතිත වෙන දවස් එහෙමත් තියෙනවා. සමහර දවස් කොච්චර නම් රස්නෙද කිව්වොත්, දරා ගන්න බැරි තරම්. මේ නිසා වෙනදා තාපක හෙවත්, හීටර්ස් දමාගෙන මෝටර් රථවල ගමන් කරන අයට වායු සමන ක්‍රියාත්මක කරගෙන යන්න වෙනවා. නිවෙස්වලදීත් ඒ විදිහට වායු සමන යොදා ගන්න වෙනවා.   කොහොම වුනත්, මාස තුනක පමණ කාලයක් එයාලට හිරු එළිය හොඳින් පතිත වෙන සමර් සීසන් එක එළැ​ඹෙන තෙක්  හැමෝම වගේ බලා සිටින්නෙ බොහොම උද්යෝගයකින්. සමර් කාලයේදී, එනම් ගිම්හානයේදී කැනඩාවට ලොව සතර දෙසින් පැමිණෙන සංචාරකයින් බොහෝමයි. එරට වාණිජ නගරය වන ටොරොන්ටෝව මේ කාලයේදී ඉතාම කාර්ය බහුල නගරයක් බවට පත් වෙන්නෙ ඒ විදිහට පැමිණෙන සංචාරකයින් නිසාමයි.   ටොරොන්ටෝ නගරයට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් ලෝ ප්‍රකට සී එන් කුළුණ  (CN Tower)  අතුළු ස්ථාන පහක් නැරඹිම වෙනුවෙන් ටොරොන්ටෝ පාස් එක ලබා ගැනීමට බොහෝ සංචාරකයින් යුහුසුළු වෙනවා. එම පාස් එක ලබා ගන්න වෙන්නෙ නම් මාර්ගගත ක්‍රමවේදය හෙවත් ඔන්ලයින් ඔස්සේය. CN Tower, Repleys Aquarium of Canada, සහ Royal Ontario Museum, city cruises toronto, casa loma, toronto zoo අතරින් ස්ථාන තුනක්, ඇතුළුව එනම් ස්ථාන පහක් මේ පාස් එකට  නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. ටොරොන්ටෝවේ ගිම්හාන චාරිකා සවාරියේදී  මුලින්ම අපි ගියේ CN Tower නැරඹිමටයි. ටොරොන්ටෝ පාස් එක අරගෙන තිබුණු නිසා, ඒක ඇත්තටම පහසුවක් වුණා. මේ තියෙන්නෙ ටොරොන්ටෝ කුළුණේ මුදුනත සිට ගත්ත ඡායාරූප කීපයක්. ඉතින් අද අපි ඒ ඡායාරූපවල  සුන්දරත්වය නරඹමු.

සී-එන් කුළුණේ විස්තරයක් ඊළඟ සටහනෙන් ගෙන එන්නම්.

CN TOWERමුදුනත සිට

 Text & Pictures -  Sandun Gamage 

 

 



More In Hot Story