බොලිවුඩයේ තවමත් කතාබහට ලක්වෙන නළුනිළි යුවළක් තමයි අජේ දේව්ගන් හා තාබු කියන්නේ. කාලයක් රහස්ගත ප්‍රේම සම්බන්ධතාවයක්ද පැවැත්වූ බව කියන මෙම නළුනිළියන් දෙදෙනා පසුගිය වසර කිහිපයේදීම චිත්‍රපට කිහිපයකම එකට රඟපානු දක්නට ලැබුණි. තවත් නොබෝ දිනකින් ඔවුන් දෙදෙනා පෙනී සිටින බොලිවුඩ් චිත්‍රපටයක් තිරගත වෙන අතර, ඒ අවුරාක් මේන් කහාන් ඩුම් තා චිත්‍රපටයේය.
ඒ සම්බන්ධව පැවැති ප්‍රචාරක වැඩසටහනකදී අජේ තාබු රංගනයෙන් දායක වූ බූල් බුලයියා චිත්‍රපටය ගැන වර්ණාවක්ද කළ අතර, චිත්‍රපටය සාර්ථක වීමට ඇයගේ රංගනය වැඩිපුර ඉවහල් වූ බවද ඔහු පැවසීය. අජේ හා තාබු පසුගිය වසරේ බෝලා චිත්‍රපටයේද දකින්නට ලැබුණ අතර, එහ ඉන්දීය රුපියල් කෝටි සියය ඉක්මවා ආදායමක් උපයාගන්නට සමත් විය.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
