සුපිරි බොලිවුඩ් සිනමා නළු ශාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යන් ඛාන් මේ දිනවල අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිය මංගල දර්ශනයට සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, දැනට ලැබෙන තොරතුරුවලට අනුව ආර්යයන් සිනමා නළුවෙක් ලෙස බොලිවුඩ් සිනමාවට ගෙන ඒමට නිෂ්පාදකවරු මෙන්ම අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු උනන්ඳුවෙන් බලා සිටින බව සඳහන් වෙයි.
ඒ අතර ෂාරුක්ගේ සමිපතමයින් වූ චිත්‍රපට නිෂ්පාදක ආදිත්‍ය චොප්රා, ධරම් චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ අධ්‍යක්ෂක කරන් ජෝහර් මෙන්ම ෂාරුක් රඟපෑ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ නර්තනාචාරි ෆාරා ඛාන්ද ඉදිරියෙන්ම සිටියි. කෙසේ වෙතත්, ෂාරුක් ඛාන් පවසන්නේ ආර්යයන්ගේ කැමැත්ත මත ඉදිරියේදී ඔහු නළුවෙක් ලෙස හෝ අධ්‍යක්ෂවරයෙකු ලෙස තමන්ගේ සිනමා ගමන තිරණය කරනු ඇති බවත්, දැන්ම ඒ පිළිබඳව කිසිවෙකු බලාපොරොත්තු සහගතව නොසිටිය යුතු බවත් ඔහු පවසා ඇත.


Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
