ඇනිමල් චිත්‍රපටය හරහා කාගෙත් අවධානය දිනාගත් යොවුන් සුරූපි නිළි ට්‍රිප්ටි ඩිම්රි මේ වනවිට තරුණයන්ගේ සිහින කුමරිය බවට පත්ව ඇත. රැයකින් සිය ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම ළඟ වෙන්නට සමත් වූ ඩිම්රි සුපිරි නළුවන් සමග රංගනයෙන් දායක වෙන චිත්‍රපට කිහිපයකම රඟපාන්නට අවස්ථාවද හිමි කරගෙන ඇත.
ඇයගේ අලුත්ම චිත්‍රපටය වූ ආනන්ද තිවාරිගේ බැඩ් නිවුස් තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. විකී කෞශල්ය සමගින් ඇය මෙහි රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටයට අමතරව බූල් බුලයියා තුන්වැන්න, දඩාක් දෙවැන්න සඳහාද මේ වනවිට ඩිම්රි එකතු වී සිටියි. එමෙන්ම නුදුරේම නිකුත් වීමට නියමිත පුෂ්පා දෙවැන්නේහිද ඇය සුළු චරිතයක් නිරූපණය කරන බව සඳහන් වෙයි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
