මාධ්‍යයට නොපැවසුවද ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කත්‍රිනා කයිෆ් මේ වනවිට ගැබ්ණියක්ව සිටියි. මේ දිනවල සිය මාපියන් සමග ලන්ඩනයේ සිටින කත්‍රිනා කයිෆ් එහි විදියක සිය සැමියා විකී සමගින් ඇවිදිමින් සිටින අයුරු රසිකයෙකු විසින් විඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහැර තිබෙනු දක්නට ලැබේ.
එහි ඇය මාස කිහිපයක ගැබිණියක්ව සිටින බවට තහවුරු වී ඇත. කෙසේ වෙතත්, මේ පිළිබඳව කත්‍රිනා හෝ ඇයගේ සැමියා නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නොමැති වීම බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී ඇත. බොහෝ දෙනෙකු පවසන්නේ කත්‍රිනා මෙන්ම විකීද මේ බව මාධ්‍යයෙන් වසන් කොට දරුවාගේ උපත සිදුවීමත් සමග ඔවුන් එය ප්‍රසිද්ධ කරන්නට උත්සාහයක සිටින බවය.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
