ජීවිතයේ පිටපත ලියා අවසන් කළ දමිළ සිනමවේ තිරනාටක රජු

දෙමළ සිනමාවේ "තිරනාටක රජු" ලෙස හැඳින්වූයේ ප්‍රවීණ දෙමළ සිනමා අධ්‍යක්ෂ, නළු සහ තිරකතා රචක කේ. භාග්‍යරාජ් .ඔහු හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි හිදී අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහු ගෙවමින් සිටියේ ජීවිතයේ 73 වැනි වසරයි.
සම්මානනීය සිනමාවේදී භාග්‍යරාජ් මෑතක් වන තුරුම පොදු ජීවිතය තුළ ක්‍රියාකාරීව සිටි නළුවෙක්.ඔහු මිය යාමට දින කිහිපයකට පෙර ගෝවා හි පැවැති නිළි සහ දේශපාලනඥ ඛුෂ්බු සුන්දර්ගේ දියණියගේ විවාහ මංගල්‍යයට ද සහභාගී වී තිබණා.
තිරනාටක රජු ගැන සමාජ මාධ්‍යයේ සටහන් වී තිබුණේ මෙහෙමයි.
තමිල්නාඩුවේ ඊරෝඩ් (Erode) දිස්ත්‍රික්කයේ ක්‍රිෂ්ණස්වාමි භාග්‍යරාජ් ලෙස උපත ලැබූ ඔහු, දෙමළ සිනමාවේ වඩාත්ම බලපෑම් සහගත රචකයෙකු -අධ්‍යක්ෂවරයෙකු ලෙස ස්ථාවර වීමට පෙර, කීර්තිමත් සිනමාකරු භාරතීරාජාගේ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස තම සිනමා ජීවිතය ආරම්භ කලා.
ඔහු 1980 සහ 1990 දශකවල දෙමළ සිනමාව හැඩගැස්වූ හාස්‍යය, හැඟීම් සහ සමාජීය පසුබිම් සහිත කතාන්දර කලාවේ සුවිශේෂී සංකලනය වෙනුවෙන් ඇගයීමට ලක්වෙමින්, චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරමින් සහ ඒවායේ රංගනයෙන් දායක වුණා. ඔහුගේ අතිසාර්ථක සිනමා ජීවිතය තුළ ඔහු චිත්‍රපට 25කට වඩා අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට 75කට වැඩි ප්‍රමාණයක රඟපා තිබෙනවා.
ඔහුගේ වඩාත්ම ඇගයීමට ලක් වූ නිර්මාණ අතර Mundhanai Mudichu, Andha 7 Naatkal, Chinna Veedu, Sundara Kandam, Enga Chinna Rasa සහ Darling Darling Darling වැනි චිත්‍රපට වන අතර ඒවායින් බොහොමයක් සිනමා සම්භාව්‍ය කෘති (classics) ලෙස සැලකෙනවා.
භාග්‍යරාජ්, උර්වශී (Urvashi) සහ කල්පනා (Kalpana) වැනි නිළියන් දෙමළ සිනමාවට හඳුන්වා දීමේදී ද ප්‍රධාන භූමිකාවක් ඉටු කළ කෙනෙක්. හිටපු තමිල්නාඩු මහ ඇමැති සහ ප්‍රකට නළු එම්.ජී. රාමචන්ද්‍රන් (MGR) මහතා විසින් භාග්‍යරාජ්ව තමන්ගේ සිනමා උරුමක්කාරයා ලෙස හැඳින්වූ බව සඳහන් වන අතර, ඒ තුළින්ම ඔහුගේ සිනමා දායකත්වය පුළුල් ලෙස පිළිගැනීමට ලක්ව තිබූ බව පැහැදිලියි.
නළුවෙකු, තිරරචකයෙකු ලෙසද ඔහු සම්මාන රැසක් දිනා තිබෙනවා.
එහෙත් ඉතින් ආවොතින් යා යුතුමයි.ඊට අවසඟව යන්නට අපි කාටවත් බැහැ.
