මේ වනවිට මාස හයක ගැබිණියක් බවට පත්ව සිටින ඉන්දීය සුපිරි නිළි දිපීකා පදුකෝන්ට නිවුන් දරුවන් ලැබීමට නියමිත බව සඳහන් වෙයි. වෛද්‍ය වාර්තා වලට අනුව මේ බව තහවුරු වී ඇති නමුදු, දිපීකා මෙන්ම රන්විර්ද මේ බව ප්‍රසිද්ධ කර නොමැති බව දැන ගැනීමට ලැබේ.
කෙසේ වෙතත්, මේ දිනවල ප්‍රදර්ශනය වන කල්කි චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට දිපීකා සිය දරු ගැබද සමග අසිරුවෙන් සිටින බවත්, බොහෝ තැන්වල ඇයගේ උදරයද විශාල වී ඇති බවත් පෙනෙන්නට තිබුණි. දිපීකා මේ වනවිට රංගන කටයුතුවලින් ඈත්ව සිටින අතර, 2026 වනතුරු කිසිදු චිත්‍රපටයක් භාර නොගෙන ඇති බවද සඳහන් වෙයි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
