මේ දිනවල දකින කරන් ජෝහර්ගේ රොකී අවර් රාණි කී ප්‍රේම් කහානි චිත්‍රපටයේ පෙනී සිටින ජනප්‍රිය හින්දි සිනමා නළු ධර්මේන්ද්‍රට මෙහි රංගනය වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදක කරන් ජෝහර් විසින් ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලක් ගෙවා ඇති බවය. එය ධර්මේන්ද්‍රගේ සිනමා දිවියේ ඔහු සිනමා රංගනයක් වෙනුවෙන් ලබාගත් ඉහළම වැටුප බව සඳහන් වෙයි.
1960 දී 'දිල් භි තේරා හම් භි තේරේ' චිත්‍රපටයෙන් හින්දි සිනමාවට පිවිසි ධර්මේන්ද්‍ර සිය පළමු රංගනය වෙනුවෙන් ලබාගෙන තිබුණේ ඉන්දීය රුපියල් 51ක මුදලක් බව සඳහන් වෙයි. එතැන් පටන් දශක හයක කාලයක් ඔහු ඉන්දිය චිත්‍රපට 200කට අධික ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වි තිබුණ නමුදු මෙවැනි විශාල මුදලක් ඒ කිසිදු චිත්‍රපට රංගනයක් වෙනුවෙන් ඔහුට ගෙවා නොතිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
