ඉන්දීය රජයට වාර්ෂිකව වැඩිම බඳු මුදලක් ගෙවන සිනමා නිළිය බවට මෙවර පත් වූයේ කරීනා කපූර්ය. බොහෝ දෙනෙකු මෙවර මුල්තැනට ආලියා හෝ දිපීකා පැමිණෙතැයි බලාපොරොත්තු වුවද මෙවර එහි මුල් තැන කරීනාට හිමිවිය. ඇය විසින් මෙවර ගෙවු බඳු මුදල ඉන්දීය රුපියල් කෝටි 20කි. ඇයගේ චිත්‍රපට කිහිපයක් සාර්ථක වූ නිසා අයට මෙවැනි මුදලක් ගෙවන්න සිදු වු බව සඳහන් වෙයි.
දෙවැනි තැන හිමිව තිබුණේ කියාරා ආද්වානිටය. ඇය පසුගිය වසරේ රංගනයෙන් දායක වූ සියලු චිත්‍රපට අති සාර්ථක ඒවා බවට පත් වූ අතර, ඒ නිසාම ඇයට ඉන්දීය රුපියල් කෝටි 12ක මුදලක් මෙවර බඳු වශයෙන් ගෙවන්නට සිදුව ඇත. තුන්වැනි තැන කත්‍රිනාට හිමිව තිබුණ අතර, ඒ ඉන්දීය රුපියල් කෝටි 11ක මුදලක් ගෙවිමෙනි.


Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
