පසුගිය අගෝස්තු 15 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වූ අමර් කෞවුෂික්ගේ ස්ට්‍රි දෙවැනි චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 745ක ආදායමක් උපයා ගන්නට සමත් ව ඇත. 2018 වසරේ ප්‍රදර්ශනය වූ ස්ට්‍රී චිත්‍රපටයේ දෙවැන්න ලෙස මෙය නිර්මාණය වී තිබේ. පළමු චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 25ක් වියදම් කොට කෝටි 181ක ලාභයක් උපයාගන්නට සමත්ව තිබුණි.
මෙවර චිත්‍රපටයේද ප්‍රධාන චරිතය ශ්‍රද්ධා කපූර් හා රාජ්කුමාර් රාඕ පෙනී සිටි අතර, පළමු චිත්‍රපටයේ රඟපෑ පන්කජ් ත්‍රිපාති, අපර්ශක්ති කූරාණා හා අභිෂේක් බැනර්ජිද රංගනයෙන් දායකව සිටියි. ස්ට්‍රි දෙවැනි චිත්‍රපටය තවමත් ප්‍රදර්ශනය වන අතර, සිනමා විචාරකයින් පවසන්නේ මෙම චිත්‍රපටය පහසුවෙන් ඉන්දීය රුපියල් කෝටි 800ක ආදායම පසුකරන බවය.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
