මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය කල්කි

  • 01-09-2024
  • Views 88

නාග් අශ්වින් අධ්‍යක්ෂණය කළ කල්කි 2898 චිත්‍රපටය මේ වනවිට බොලිවුඩයට සමගාමිව ලොවපුරා අති සාර්ථකව තිරගත වන්නකි. පසුගිය ජුනි 27 වැනිදා ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 600 සීමාව පසු කරමින් ආදායම් ලබා ඇත.

චිත්‍රපටය සඳහා වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 600ක් වන අතර, එය ඉතා කෙටි දිනකින් උපයාගන්නට සමත්වීම කල්කි චිත්‍රපටය ලද ජයග්‍රහණයක් ලෙස සැළකේ. සිනමා විචාරකයින් පවසන්නේ මෙය ඉන්දීය රුපියල් කෝටි 1000 සීමාවට පහසුවෙන් ලඟා වනු ඇති චිත්‍රපටයක් බවය.