අයන් මෑන් ලෙස ලෝකයේ කා අතරත් ජනප්‍රිය වුණ රොබට් ඩවුනි මේ වනවිට එම චරිතයෙන් ඉවත්ව සිටින බවට තොරතුරු ලැබේ. කෙසේ වෙතත්, මීට සති කිහිපයකට පෙර රොබට් ඩවුනි නැවතත් ප්‍රකට මාවල් චිත්‍රපට සමාගම සමග එක් වූ බවට පුවත් වාර්තා කළ අතර, ඒ 2025 වසරේ ප්‍රදර්ශනය වීමට නියමිත ඇවෙන්ජර්ස් ඩූම්ස්ඩේ චිත්‍රපටය හරහාය.
රොබට් ඩවුනි මෙසේ නැවතත් මාවල් සමග එක්වූයේ සුපිරි දුෂ්ඨයෙකු වූ ඩොක්ටර් ඩූම් ලෙස රඟපෑමටය. ඩොක්ටර් ඩූම් යනු ප්‍රකට ෆැන්ටාස්ටික් ෆෝ චිත්‍රපටයේ දුෂ්ඨයාය. සුපිරි විරයෙක් ලෙස ලෝකයේම ආදරය දිනාගත් රොබට් ඩවුනි මෙසේ කළු චරිතයකින් නැවතත් සිය රසික පිරිස් හමුවීම සුබවාදී නොවන බව බොහෝ විචාරකයින්ගේ මතය වී ඇත.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
