ලේඩි ගාගා විවාහ ගිවිසගත් බවට ප්‍රසිද්ධ කරයි

  • 15-01-2025

තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිත ජෝකර් දෙවැනි චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන ජනප්‍රිය පොප් ගායිකා ලේඩි ගාගා පසුගිය පැරිස් ඔලිම්පික් තරගාවලිය අතරතුරදී තම විවාහ ගිවිස ගැනීම සිදු කළ බව මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත.

ඇය මේ වන විට විවාහ ගිවිස ගෙන ඇත්තේ මයිකල් පොලන්ස්කි සමගය. ලේඩි ගාගා පවසන්නේ මයිකල් තමාට විවාහ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ අප්‍රේල් පළමුවැනිදා වන අතර, මෝඩයාගේ දවස නිසාවෙන් ඇය මුලින් එය විහිළුවක් බව සිතා මයිකල් පොලන්ස්කිට බැණ වැදුණ බවද පවසා තිබුණි.