අසාර්ථක වූ බඩේ මියාන් චොටේ මියාන් චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ නළුනිළියන් හා කාර්ය මණ්ඩලයට මේ වනවිට සිය වැටුප් ගෙවා නොමැති බව සඳහන් වෙයි. පූජා එන්ටර්ට්‍රේට්මන්ට් ආයතනය හා ජැකී බගානි (රුකුල් ප්‍රිත් සිංගේ සැමියා) මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ අතර, නිෂ්පාදනය පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 200ට එහා මුදලකි.
වැටුප් ගෙවිමේ ගැටළුවට මේ වනවිට සිනමා නළු ආක්ෂේ කුමාර් මැදිහත්ව තිබේ. ඔහු දැනට ජැකී බගානි සමගින් පුජා එන්ටර්ට්‍රේට්මන්ට් ආයතනයේ බලධාරින් සමග මේ වනවිට සාකච්ඡා කරමින් සිටින අතර, නුදුරේම මෙම හිඟ මුදල් බඩේ මියාන් හා චොටේ මියාන් චිත්‍රපටයේ රඟපෑ නළුනිළියන්ට හා කාර්ය මණ්ඩලයට ලබා දීමට ආක්ෂේ පොරොන්දු වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
