සුරූපී සෙලීනා ගෝමස් ප්‍රකෝටිපති සමාජයට එකතු වෙයි

  • 15-01-2025

ජනප්‍රිය ගායිකාවක් මෙන්ම හොලිවුඩ් සිනමා නිළියක්ද වන සුරූපි සෙලීනා ගෝමස් මේ වනවිට හොලිවුඩයේ ප්‍රකෝටිපති සමාජයට එකතු වී ඇත. ඇය මේ වනවිට උපයා ගෙන ඇති වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3කි.

මෙම ප්‍රකෝටිපති සමාජයට ඇය සමගින් එක්ව සිටින එකම පොප් ගායිකාව වන්නේ ටේලර් ස්විෆ්ට පමණි. කෙසේ වෙතත්, ඇය මෙම ප්‍රකෝටිපති ලැයිස්තුවේ සෙලීනාට ඉදිරියෙන් සිටියි. සෙලීනා මෙවැනි ධනයක් උපයාගෙන ඇත්තේ ගීත ගැයිමෙන් හා රංගන ශිල්පිණියක් ලෙස කටයුතු කිරිමෙන් පමණක් නොවන බවත් ඇයගේ ව්‍යාපාර හරහා ලැබුණ මුදල්ද මීට එකතු කර තිබෙන බව සඳහන් වෙයි.