සුහානා පෙම්වතා එක්ක ලන්ඩන් නගරයේ සාද දමයි

  • 01-09-2024
  • Views 517

ෂාරුක් ඛාන්ගේ එකම දියණිය සුහානා ඛාන් මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නගරයේ සංචාරයක නිරත වෙමින් සිටින බව සඳහන් වෙයි. ඒ ඇයගේ අලුත්ම පෙම්වතා වූ අගාස්ත්‍යා නන්දා සමගිනි. අගාස්ත්‍යා යනු සුපිරි නළු පරම්පරාවක් වූ බච්චන් පවුලේ අලුත්ම සිනමා සාමාජිකයා වෙයි.

සුහානා හා අගාස්ත්‍යාගේ ආදර සම්බන්ධය ආරම්භ වී ඇත්තේ ඔවුන් දෙදෙනා එකට පෙනී සිටි සෝයා අක්තාර්ගේ ද අර්චිස් චිත්‍රපටයේදීය. මීට දින කිහිපයකට සුහානා හා අගාස්ත්‍යා දෙදෙනා ලන්ඩන් නගරයේ සමාජ ශාලාවක විනෝද වෙන අයුරු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.