ආදිත්‍ය රෝයි කපූර්ගේ ජනප්‍රිය ආදර කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආෂික්‍යු චිත්‍රපටය හරහා ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගත් ආදිත්‍ය රෝයි කපූර් කාලෙන් කාලේට විවිධ ක්ෂේත්‍රවල ජනප්‍රිය තරුණියන් සමග ප්‍රේම සම්බන්ධතා පවත්වන්නෙකි. ඔහුගේ අලුත්ම පෙම්වතිය සිනමා නිළි ආනන්‍යා පාණ්ඩේය. ඔවුන් අතර ආදර සම්බන්ධයක් පවතින බවට හැමෝම දන්නා දෙයක් වූවද ආදිත්‍ය රෝයි කපූර් ඊට නිහඬව පිළිවෙතක් අනුගමනය කරයි.

පසුගිය ෆිෆා පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේදී ඔහු සිය පෙම්වතිය වූ ආනන්‍යා පාන්ඩේ සමග එය ප්‍රසිද්ධියේ නරඹමින් සිටියමුත්, ඔහු සිය ප්‍රේම සම්බන්ධය ප්‍රසිද්ධ නොකළේය. එහෙත්, මීට දින කිහිපයකට පෙර ආදිත්‍යගේ පෙම්වතියයැයි අනුමාන කරන අනන්‍යා පාණ්ඩේ සිය ආදර කතාවට ප්‍රතිචාර දක්වා තිබුණ අතර, ඇයගේ ප්‍රතිචාරයන් මත පෙනි යන්නේ ආදිත්‍ය හා ඇය හොඳ මිතුරන් පමණක් බවය.