උර්වෂිගේ ආධාර උපකාර දිගටම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කොවිඩ්’ වසංගතය නිසාවෙන් අසරණව සිටින ඉන්දීය ජනතාවට උදව් උපකාර කිරිමේ සිනමා තරු අතර ඉදිරියෙන්ම සිටින සිනමා නිළියක් ලෙස උර්වෂී රවුටෙලා හැඳින්විය හැකිය. මීට දින කිහිපයකට පෙර ඇය උත්තර්කන්ඩ් ප්‍රදේශයට ඔක්සිජන් සාන්ද්‍රක 47ක් පරිත්‍යාග කර තිබුණි.

එක් සාන්ද්‍රණයක් සඳහා ඇයට ඉන්දීය රුපියල් ලක්ෂ 5ක් වැය වී ඇති අතර, ඒ සියළු වියදම් උර්වෂිගේ පෞද්ගලික පදනම හරහා ලබා දී ඇත. එමෙන්ම මැයි මස අගදී මුම්බායි නගරයට හානි කළ සුළි කුණාටුවෙන්ද අවතැන් වූ ජනයාට කැම හා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇය විසින් ලබාදී තිබුණි.