කාලයකට පස්සේ ආක්ෂේගේ චිත්‍රපටයක් සාර්ථක වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක නළුවෙක් බවට පත් වූ ආක්ෂේ කුමාර් මේ දිනවල ප්‍රදර්ශනය වන ඕ මයි ගෝඩ් දෙවැනි චිත්‍රපටය හරහා නැවත වරක් සාර්ථක වී තිබේ. චිත්‍රපටය මීට දින 10කට පෙර ප්‍රදර්ශනය වූ අතර, දැනට චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත්ව ඇත.

ඕ මයි ගෝඩ් චිත්‍රපටයේ ආක්ෂේ කුමාර් සමග යමි ගෞතම්, පන්කජ් ත්‍රිපාති ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇති අතර, චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 50කින් නිෂ්පාදනය කර තිබෙන බව සඳහන් වෙයි. එමෙන්ම ආක්ෂේ මෙහි රංගනය සඳහා කිසිදු මුදලක් අය නොකළ බවද දැන ගැනීමට ලැබේ.