පොප් සංගීතයේ කිරුළු පළන් රජු ලෙස හඳුන්වන ඇමරිකාවේ මයිකල් ජැක්සන් 2009 වසරේ මිය යන්නේ මුළුමහත් ලෝකයවම හඬවමින්. ග්‍රැමි සමිමාන 16කට උරුමකමි කී මේ අසහාය ගායකයා සංගීත ලෝකය මෙන්ම විලාසිතා ලෝකයද උඩුයටිකුරු කළ අති දැවැන්ත චරිතයක් බව නොරහසකි. මේ ලෝ ප්‍රකට තරුවගේ ජීවිත කතාව පාදක කරගනිමින් චිත්‍රපටයක් නිර්මාණය වන බව පසුගියදා විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණි.
2025 වසරේ තිරගත කිරීමට සැලසුම් කර ඇති 'මයිකල්' චිත්‍රපටය මේ වනවිට රූගත කරමින් පවතී. 'මයිකල්' චිත්‍රපටය විශේෂත්වය වනුයේ මෙම සුපිරි තරුවගේ චරිතය සඳහා පණ පොවන්නේ ඔහුගේ බෑණනුවන් කෙනෙක් වන 'ජෆාර් ජැක්සන්' වීමයි. මයිකල් ජැක්සන්ගේ සහෝදරයකු වන 'ජර්මෙන් ජැක්සන්ගේ' පුත් 'ජෆාර් ජැක්සන්' විසින් තම මාමාගේ චරිතය නිරූපණය කිරීමට තමන්ට දැඩි සතුටක් සහ ගෞරවයක් ගෙනදුන් බව මාධ්‍ය විමසු ප්‍රශ්නවලදී ඔහු පැවසීය.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
