දිපිකා වෙනුවට ගන්න ඉඳලා තියෙන්නේ අයිශ්වර්යා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ බාජිරාඕ මස්තානි චිත්‍රපටයේ දිපීකා පදුකෝන් රංගනයෙන් දායක වූ මස්තානිගේ චරිතයට ඇයට පෙර බන්සාලි විසින් තෝරාගෙන තිබුණේ අයිශ්වර්යා රායි බච්චන් බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, ඇය මෙම චරිතය ප්‍රතික්ෂේප කර තිබුණ අතර, එය මෑතක් වනතුරුම රහසක් ලෙස පැවතුණි.

කෙසේ වෙතත්, මෑතකදී කරන් ජෝහර්ගේ කොෆි විත් කරන් වැඩසටහනට සම්බන්ධ වෙමින් අයිශ්වර්යා මේ බව ප්‍රසිද්ධ කර තිබුණි. එමෙන්ම රන්විර් විසින් නිරුපණය කල බාජිරාඕ චරිතයට සල්මාන්ව තෝරාගෙන තිබුණ අතර, පසුව අයිශ්වර්යා මෙම චරිතය ප්‍රතික්ෂේප කරන්නට එය හේතුවක් කරගත් බව සඳහන් වෙයි.