90 දශකයේ අතිශය ජනප්‍රිය සිනමා නිළියක් වූ රවීනා තන්ඩනගේ වැඩිමහල් දියණිය මේ වනවිට බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වි ඇත. ඇයගේ කුළුඳුල් රංගනය ඇතුලත් අසාඩ් චිත්‍රපටය මේ වනවිට තිරගත වෙමින් පවති. අසාඩ් අභිෂේක් කපූර්ගේ සිනමා නිෂ්පාදනයක් වන අතර, අජේ දේව්ගන් හා ඩයනා පේන්ට් මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වෙයි.
විශේෂත්වය වන්නේ රශා තාධානි සමගින් මෙම චිත්‍රපටය හරහා අජේ දේව්ගන්ගේ පුත් අමාන් දේව්ගන්ද රංගනයේ යෙදීමය. ඔහුගේ කුළුඳුල් සිනමා රංගනයද මෙය බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, බොහෝ රසිකයින්ගේ අවධානය අමාන්ටත් වඩා මේ වනවිට යොමුව ඇත්තේ රවීනාගේ දියණිය රශාට බව සඳහන් වෙයි.



Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
