භුමි ප්‍රසිද්ධියේ තම පෙම්වතා එක්ක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි භූමි පෙඩ්නේකාර් හා කට කතාවකට පමණක් සිමා වී සිටි ඇයගේ පෙම්වතා වූ යාෂ් කටාරියා පසුගියදා මුම්බායි ගුවන් තොටුපොලේදී එකට දකින්නට ලැබි ඇත. කෙසේ වෙතත්, යාෂ් මුලින්ම ගුවන් තොටුපලෙන් පිටතට පැමිණ සිය සුඛෝපභෝගි මෝටර් රථයට ගොඩ වී ඇති අතර, භුමි පසුව රැස්ව සිටි මාධ්‍යයකරුවන්ට ප්‍රතිචාර දක්වමින් ඇයද හොර රහසේ යාෂ්ගේම රථයට තුළට පැමිණ තිබුණ බව සඳහන් වෙයි.

ඉදිකිරිම් හිමිකරුවෙකු වන යාශ් කටාරියා බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකුගේම සමිපතම මිතුරෙකුද වෙයි. භූමිට ඔහු මුණ ගැසි ඇත්තේ ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි රාකුල් ප්‍රිත් සිංගේ පෙම්වතා වූ චිත්‍රපට නිෂ්පාදක ජැකි බගානීයගේ සාදයකදී බව සඳහන් වෙයි.