මෝටර් රථයක් ලැබෙනතුරු ඇඟිළි ගණින කාර්තික්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බූල් බුලයියා දෙවැන්න අති සාර්ථක වීම නිසාවෙන් එම චිත්‍රපටය නිෂ්පාදනය කළ භුෂන් කුමාර් විසින් එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ කාර්තික් ආර්යයන් වටිනා මෝටර් රථයක් තැගි කළේය. බුල්බුලයියා හි කාර්තික් සමගින් රංගනයෙන් දායක වූයේද කියාරා ආද්වානිය.

මේ දිනවල නැවතත් ඔවුන් දෙදෙනා පෙනි සිටින චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන අතර, ඒ සත්‍යප්‍රේම් කී කතා චිත්‍රපටයයි. මෑතකදි මෙම චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුත්තක් සඳහා මොවුන් දෙදෙනා සම්බන්ධ වූ අතර, එහිදි කියාරා පවසා තිබුණේ කාර්තික් මෙම චිත්‍රපටයද සාර්ථක වූවහොත් මෝටර් රථයක් තැගි ලෙස ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවය. ඊට ප්‍රතිචාර දක්වමින් කාර්තික් තමන් ඇද සිටි ටී ෂර්ට් එකේ එක් පසකින් තිබු මෝටර් රථයක් පෙන්වා තමන් බලාපොරොත්තුවෙන මෝටර් රථය එය බව පැහැදිළි කර තිබුණි.