මලයාලම් සුපිරි තරුව අනතුරකට ලක්වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෝහන්ලාල් හැරුණු කොට දකුණු ඉන්දීය මලයාලම් සිනමාවේ ජනප්‍රියතම නළුවා වන ප්‍රිත්විරාජ් සුකුමාරන් මීට දින කිහිපයකට පෙර අනතුරකට ලක්ව ඇත. ඒ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වූ 'විලයත් බුද්ධා' චිත්‍රපටයේ ඇතුලත් ක්‍රියාදාම දර්ශන පෙළක් රූපගත කරන අවස්ථාවේදීය.

මෙම අනතුරින් ඔහුගේ පාදයක් ආබාධයට ලක්ව ඇති අතර, පසුව කරන ලද වෛද්‍ය පරික්ෂණවලදී ඔහුට ඊට සැත්කමක්ද සිදු කරන්නට විය. කෙසේ වෙතත්, ප්‍රිත්විරාජ් පසුගිය සතියේ මුලදී සිය සමාජ පිටු හරහා සිය පාදයේ තත්ත්වය පිළිබඳ සිය රසිකයින් දැනුම්වත් කර ඇති අතර, ඔහු පවසන්නේ මේ වනවිට තමන් සියයට අසූවක පමණ සුවයක් ලබා සිටින බවය .