මහේෂ් බාබුගේ චිත්‍රපටයෙන් පූජා ඉවත් වූ හේතුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක සිට නිර්මාණය වන මහේෂ් බාබුගේ අලුත්ම චිත්‍රපටයෙන් එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන පූජා හෙග්ඩේ ඉවත් වූ බවට තොරතුරු වාර්තා වෙයි. මෙසේ ඇය මෙම චිත්‍රපටයෙන් ඉවත්ව ඇත්තේ රූපගත කිරිම් කටයුතුවල ඇති වූ දින ප්‍රශ්නයක් නිසාවෙනි.

කෙසේ වෙතත්, මේ වනවිට ඒ ගැටළුකාරි තත්ත්වයන් නිමා කරගනිමින් චිත්‍රපට කණ්ඩායම නැවතත් සිය රූපගත කිරිම් කටයුතු ආරම්භ කරන්නට කටයුතු සූදානම් කර ඇත. එහෙත්, පූජා හෙග්ඩේ සිය තිරණය වෙනස් කර නොමැති බව සඳහන් වෙයි. ඇය පවසන්නේ මේ දින ප්‍රශ්නය නිසාවෙන් තමන්ට තවත් චිත්‍රපට කිහිපයක් අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන බවය.