රාජ්කුමාර් හිරාණි ආයේ මුන්නාබායි හදන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ෂාරුක් රඟන ඩුන්කි චිත්‍රපටය නිසා කාර්යබහුලව සිටින රාජ්කුමාර් හිරාණි මුන්නාබායි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට තමා තුළ යළිත් කිසිදු අදහසක් නොමැති බව පවසා ඇත. පසුගිය සති කිහිපයේදීම ඉන්දීය සමාජ මාධ්‍යය වාර්තා කළේ නුදුරේම මුන්නාබායි MBBS චිත්‍රපටයේ තුන්වැනි කොටස නිර්මාණය කිරීමට සූදානම් මේ වනවිට සූදානම් කර ඇති බවය.

කෙසේ වෙතත්, හිරාණි මෙසේ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට අකමැත්ත පළ කර ඇත්තේ චිත්‍රපට නිෂ්පාදක විඳු විනෝද් චොප්රා අතර ඇතිකරගත් විරසක වීමක් හේතුවෙන් බව පැවසේ. මුන්නාබායි MBBS පළමු හා දෙවැනි චිත්‍රපට දෙකම ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ අතර, එය රාජ්කුමාර් හිරාණි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබීය.