ලබන වසරේ දිපාවලියේදී නිකුත් කරන හවුස්ෆුල් අලුත් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදායම් උපයා ගැනීම අතින් ඉහළ සාර්ථකත්වයක් ලද හවුස්ෆුල් චිත්‍රපටයේ පස්වැනි චිත්‍රපටය ලබන වසරේ දිපාවලියේදී නිකුත් කරන්නට සූදානම් කර තිබෙන බව වාර්තා වෙයි. මෙසේ මෙම චිත්‍රපටය දිපාවලියේදී නිකුත් කරන බවට ප්‍රසිද්ධ කර ඇත්තේ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ආක්ෂේ කුමාර්ය.

මෙම චිත්‍රපටය තරූන් මන්සුක් විසින් අධ්‍යක්ෂණය කරන අතර, සුපුරුදු පරිදි නිෂ්පාදන බරපැණ දරන්නේ සජිද් නදිඩ්වාලාය. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය සඳහා ආක්ෂේ කුමාර් හා රිතේක් දේශ්මුක් එක්වන බවට නිල වශයෙන් නිවේදනය කර ඇති අතර, සෙසු නළුනිළියන් කවුදැයි තවමත් ප්‍රකාශ කර නොමැති බව සඳහන් වෙයි.