විරාත් වැඩිපුරම අවධානය දෙන්නේ වාමිකාටයි

  • 11-08-2024
  • Views 203

ඉන්දිය සුපිරි පිතිකරු විරාත් කෝලි පසුගියදා ජාත්‍යන්තර විස්සයි 20 පිටියට සමු දුන්නේය. ඒ කොදෙව් දුපත් හි පැවති විස්සයි 20 ලෝක කුසලාන ඉන්දියාවට දිනා දිමෙන් අනතුරුවය. විරාත්ගේ විශ්‍රාම යාමෙන් වඩාත් සතුටට පත් වූයේ විරාත්ගේ බිරිඳ සිනමා නිළි අනුෂ්කා ෂර්මාය.

අනුෂ්කා මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ දැන් වාමිකාට විරාත් වැඩි කාලයක් යොදවනු ඇති බවය. විරාත් වැඩිපුරම කැමති වාමිකාත් එක්ක කාලය ගත කරන්න. ඉතින් මේ සමුගැනීමත් එක්ක වැඩි වාසිය තියෙන්නේ වාමිකාට. මොකද, වාමිකාට පුළුවන් දැන් එයාගේ තාත්තාත් එක්ක වැඩිපුර සෙල්ලම් කරන්න. අනුෂ්කා සිය සමාජ පිටු තුළ සටහනක් තැබුවේ එළෙසිනි.