විවේකයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න විරුෂ්කා යුවළ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අනුෂ්කා ෂර්මා හා විරාත් කෝලි කියන්නේ උතුරු ඉන්දියාවේ ඉන්න ජනප්‍රියම අඹුසැමි යුවළකි. හොඳ පවුල් ජිවිතයක් ගත ඔවුන් දෙදෙනා නිතරම ඒ පිළිබඳව සමාජයට යම් ආදර්ශයක්ද ලබා දෙයි. විරාත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කාර්යබහුල වෙද්දි අනුෂ්කා ඔහුව දිරි ගැන්විමට නිතරම ඔහු සමගින් සිටින අතර, ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන තරග නැරඹිමටද ඇය පැමිණෙයි.

අනුෂ්කා සිනමා නිළියක් හා ව්‍යාපාරික කාන්තාවක් ලෙස කාර්යබහුල වෙද්දි පවා ඇය විරාත් සමගින් එකට සිටියි. මේ දිනවල දෙදෙනාම විවේක සුවයෙන් පසුවෙන අතර, ඔවුන් සති හතරක කාලයක් පුරා එංගලන්තයේ ලන්ඩන් නුවර රැඳී සිටිනු දක්නට ලැබේ. අනුෂ්කා සිය සැමියා සමග ලන්ඩන් නගරයේදී ගත් ඡායාරූප කිහිපයක් සිය සමාජ පිටු අතරට එකතු කර තිබෙයි. ඇය ඒවා ප්‍රසිද්ධ කර තිබුණේ විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා යන්න කෙටි සටහනක්ද තබමිනි.