බොලිවුඩයේ සාර්ථකම නළුවා බවට මේ වනවිට පත්ව සිටින සිටින සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ මිළඟ චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු මාසයේදී නිකුත් වීමට සුදානම් කර ඇති බව වාර්තා වෙයි. සුජෝයි ජෝෂි විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ කිං ලෙසය.
චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන අතර, ෂාරුක් කලහාකාරි මැරවරයෙක් ලෙස මෙහි රංගනයෙන් දායක වෙයි. චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ෂාරුක් ඛාන් රඟපෑ පතාන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සිද්ධාර්ත් ආනන්ද්ය. ෂාරුක් සමගින් ඔහුගේ දියණිය සුහානා මෙහි සහය චරිතයක් නිරූපණය කිරීම විශේෂත්වයකි.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
