ෂාරුක්ගේ ඩුන්කි ලබන වසරට කල් යන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රදර්ශනය වීමට සැළසුම් කර තිබුණ රාජ්කුමාර් හිරාණිගේ ඩුන්කි චිත්‍රපටය ලබන වසරට කල් යන බවට නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කර සිටියි. කෙසේ වෙතත්, මේ සම්බන්ධව නිහඩ පිළිවෙතක් හිරාණි පෙන්නුම් කරමින් සිටින අතර, බොහෝ දෙනෙකු පවසන්නේ ඔහු මේ වනවිට යම් සැළසුමකින් සිටින බවය.

පතාන් හා ජවාන් ඉන්දීය රුපියල් කෝටි 1000ක ආදායමක් උපයාගන්නට සමත් වූ නිසාම ඩුන්කිද ඉහළ ආදායමක් උපයාගනු ඇති බවට බොහෝ දෙනෙකු දැනටමත් මත පළ කර සිටින අතර, රාජ්කුමාර්ද එවැනි බලාපොරොත්තුවක් පොදි බැඳ ගෙන සිටින බව කිව හැකිය. එහෙත්, ඔහු පවසන්නේ ෂාරුක්ට ලබන වසරේ චිත්‍රපට නැති නිසා ඩුන්කි ගැන තමන් සිතන්නට මේ වනවිට පෙළඹ සිටින බවය.