සීතා චරිතයට ගැළපෙන්නේ ආලියා භාට්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රභාස්, ක්‍රිති ෂැනොන් හා සායිෆ් අලී ඛාන් රංගනයෙන් දායක වන අධිපුරුෂ් චිත්‍රපටය මේ වනවිට අසාර්ථක චිත්‍රපට ගොඩට වැටි තිබේ. පතන් චිත්‍රපටයට පසුව වැඩිම ආදායමක් හිමි කරගත් චිත්‍රපටය එය වූවද ඔවුන්ගේ නිෂ්පාදන වියදම ඊට වැඩි වී ඇති හෙයින් මෙම චිත්‍රපටය අසාර්ථක එකක් වි ඇත.

නුදුරේම තවත් රාමනන්ද සාගර්ගේ රාමායනය කේන්ද්‍ර කොටගෙන නිතේෂ් තිවාරි විසින් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට අදහස් කර සිටියි. බොහෝ දෙනෙකු පවසන්නේ මෙම චිත්‍රපටයේ සීතාගේ චරිතයට ගැළපෙන්නේ ආලියා භාට් බවය. ආලියා සීතාට පණ පොවන්නේ නම් අනිවාර්යයෙන්ම රාම චරිතය රන්බිර්ට ලැබිය යුතු බවද ඔවුන් කියයි. එමෙන්ම තවත් පිරිසක් දිපිකා හා රිතික් මෙම චරිතවලට මනා ලෙස ගැළපෙන බවද පවසා ඇත.