ජනප්‍රිය ගායිකාවක් මෙන්ම හොලිවුඩ් සිනමා නිළියක්ද වන සුරූපි සෙලීනා ගෝමස් මේ වනවිට හොලිවුඩයේ ප්‍රකෝටිපති සමාජයට එකතු වී ඇත. ඇය මේ වනවිට උපයා ගෙන ඇති වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3කි.
මෙම ප්‍රකෝටිපති සමාජයට ඇය සමගින් එක්ව සිටින එකම පොප් ගායිකාව වන්නේ ටේලර් ස්විෆ්ට පමණි. කෙසේ වෙතත්, ඇය මෙම ප්‍රකෝටිපති ලැයිස්තුවේ සෙලීනාට ඉදිරියෙන් සිටියි. සෙලීනා මෙවැනි ධනයක් උපයාගෙන ඇත්තේ ගීත ගැයිමෙන් හා රංගන ශිල්පිණියක් ලෙස කටයුතු කිරිමෙන් පමණක් නොවන බවත් ඇයගේ ව්‍යාපාර හරහා ලැබුණ මුදල්ද මීට එකතු කර තිබෙන බව සඳහන් වෙයි.


Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
