ජවාන් චිත්‍රපටය හරහා බොලිවුඩයේ තමන්ට තැනක් වෙන් කරගත් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක ඇට්ලේ කුමාර් මේ දිනවල තවත් සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැළසුම් කරමින් සිටින බව සඳහන් වෙයි. එය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන්නක්ද වෙයි.
මෙම ක්‍රියාදාම චිත්‍රපටය සඳහා ඇට්ලේ සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙන අතර, ඊට සල්මාන්ගේද කැමැත්ත මේ වනවිට හිමිව ඇති බව සඳහන් වෙයි. එමෙන්ම සල්මාන්ට අමතරව ඇට්ලේ කමල් හසන් ඇතුළු සුපිරි සිනමා තරු කිහිපයක්ද සිය ක්‍රියාදාම චිත්‍රපටයට එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙන් සිටියි.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
