ලෝකයක් ආදරය කළ තවත් වැඩිහිටි සිනමා නිළියක් මීට දින කිහිපයකට පෙර ජිවිතක්ෂයට පත්විය. ඒ 26 වැනි වියෙහි පසු වු සුරූපි සොෆියා ලියෝන්ය. දින දෙකක් තුළ සිය සුළුපියා විසින් ලබාදුන් කිසිම දුරකථන ඇමතුමකට සොෆියා ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇති වුණු සැකය මත, ඇය පදිංචි වී සිටි මහල් නිවාසය පරීක්ෂා කිරීමේදී සොෆියාගේ මිය ගිය සිරුර දකින්නට ලැබී තිබේ.
දැනට කළ පරික්ෂණවලට අනුව සැක පළ කරන්නේ මෙය සියදිවි නසා ගැනීමක් හෝ සීමාව ඉක්මවා මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවූ මරණයක් බවටයි. කෙසේ වෙතත්, මෙය කිසිවෙකු විසින් සිදුකළ මිනීමැරුමක් බවට තමන් අනුමාන කරන බව කාලයක් තිස්සේ සොෆියාගේ නියෝජිතයා ලෙස කටයුතු කරන පුද්ගලයා පොලිසියට පවසා ඇත.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
