ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් හැටියට චතුරංග ද සිල්වාව හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කවුරුත් ආදරය කරන ක්‍රිකට් තරුව වනිඳු හසරංගගේ වැඩිමහල් සහෝදරයා වන චතුරංග විවාහ වී සිටින්නේ නිරූපිකාවක් ලෙස කටයුතු කළ ජනනි හේවගේ සමඟ. ජනනි හේවගේ කියන්නේ ජනප්‍රිය නිරූපිකාවක් වන මාෂි හේවගේගේ වැඩිමහල් සහෝදරිය.
චතුරංගගේ සහ ජනනිගේ පුංචි ලෝකයට තුන්වැනියෙක් එන්න දැන් හරිම ළඟයිලු. ජනනි අම්මා කෙනෙක් වෙන්නත් චතුරංග තාත්තා කෙනෙක් වෙන්නත් නොඉවසිල්ලෙන් ඉන්නේ.
පසුගිය දවසක ඔවුන්ට ලැබෙන්න ඉන්න පුංචි පැටියා දුවෙක්ද පුතෙක්ද කියලා හරියටම හැමෝටම කියන gender reveal party එකක් කොළබ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
චතුරංගගේ සහ ජනනිගේ පවුලේ නෑදෑ හිතමිත්‍රාදීන් මේ අවස්ථාවට පැමිණ ඔවුන් සමඟ සතුට බෙදාගත්තා. ඔවුන්ට දුවෙක් ලැබෙන්න සිටින බව එහිදී නිවේදනය කළා.
එදින කැපී පෙනෙන තරුව වුණේ දූ පැටියාගේ බාප්පා, එහෙම නැතිනම් චතුරංගගේ මල්ලි වනිඳු හසරංග...
පහත දැක්වෙන්නේ එම අවස්ථාවෙ ඡායාරූප.





























































Trending News
Events
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
