මළ මඟුලයි ...එන්න ළඟයි

  • 14-01-2026
  • Views 32


අපේ ප්‍රින්සිපල් ඔයාට මතක නම් ,පාස්පෝට් ඔයාට මතක නම්...... එන්න තියෙන UN LOCK ගැන මුකුත් නොකියා ඉන්නම්..මොකද ඒක තාම Lock එකේ හින්දා.. මේ චිත්‍රපට තුනේම අධ්‍යක්ෂවරයා ක්‍රිස් ඇන්තනි  එයාගේ හතරවෙනි චිත්‍රපටයට ඔන්න ලෑස්ති වෙනවා......


අම්මට සිරි....

මළ කෙළියයි

නෑ....නෑ .....මළ මඟුලයි

හරි හරි බං මළ මඟුලයි

ඔව් බං මළ මඟුලයි.....ඉතින් waters edge  එකේ  මළ මඟුලෙ මුහුරතට  සාරවිට අපිත් ගියා....නිෂ්පාදකවරයාගේ කුළුඳුල් සිනමා නිෂ්පාදනය.. එම් .ජී .කෝසල ..ඒ තමයි නිෂ්පාදකවරයා.....ගින්දරි...ඒ කිව්වේ පබෝධා  සංදීපනී...සම්පත් ජයවීර මිහිර සිරතිලක ,ධර්ම ප්‍රිය ඩයස් ඒ තමා මළ මඟුලෙ සෙට් එක....මඟුලත් අස්සෙම මළ ගෙයක්ලු..සිරික්කිය දාගෙන මිහිර පතරංගෙ දිග ඇරියෙ එහෙමයි...

House Full වෙයන්....

මළ මඟුලට මළ කෙළියයි කියන්නට සිදු නොවීයන්..

මුහුරත තිබ්බට සට සට ගාලා Film එක shooting ..එහෙම තමා වෙන්න ඕනෑ.....ඉඳලා හිටලා උඩ සායට උඩින් යට සාය ඇන්දම මොකැයි වෙන්නෙ....

මළ මඟුලයි...තව ඩිංගෙන් කියන්න බැරි වෙනවා

මළ මඟුළයි DOP.....ආය එකෙන්ම හදවතේ ගායකයා නෙවෙයි හදවතේ DOP..
කැමරාවෙන් චිත්‍ර අඳින සිත්තරා...
රුවන් කොස්තා.....

ඒකත් ජයසිරි මංගලම් කීවලු

මළ මඟුලෙ රහ බලන්න ඉතින් දත කට මැදන් පේ වෙයන් ................

හක හකේට හිනවෙද්දි දත් ටික සුදුවට කිරියට  තියෙන්න එපැයි නෙහ්....

ජය......